Latest News

තායිලන්තය සහ කාම්බෝජය අතර සටන් විරාම සාකච්ඡා අද මැලේසියාවේ දී ඇරඹේ

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තායිලන්තය සහ කාම්බෝජය ඔවුන්ගේ දේශසීමා ගැටුමේදී තම රට මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට එකඟ වී ඇති බව මලයාසියානු විදේශ අමාත්‍ය මොහොමඩ් හසන් පවසනවා.

ඒ අනුව තායිලන්තයේ සහ කාම්බෝජ අගමැතිවරුන් අද (28) මලයාසියාවේ දී සාකච්ඡා කිරිමට නියමිතයි.

තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයක් සඳහා එකඟ වූ බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (27) පෙරවරුවේ සඳහන් කළා.

ඔහු සදහන් කළේ, දෙරටේ නායකයින් සමග පැවැත්වූ දුරකතන සංවාද වලදී ඒ පිළිබද එකඟතාවකට පැමිණි බවයි.

කෙසේ වෙතත්, දෙරටේම නායකයින් ඊට සිය කෘතඥතාව පලකර ඇති නමුත් තායිලන්තය හමුදා මෙහෙයුම් නැවැත්වීමට සූදානම් නොමැති බවට පවසා තිබුණා.

මේ වනවිට ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 33 දෙනෙකු මිය ගොස් 200,000 කට වැඩි පිරිසක් අවතැන් වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today