Latest News

2025 ලෝක AI සමුළුව ඇරඹේ

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේ ෂැන්හයි හි දී ආරම්භ කෙරුණා.

ගෝලීය වශයෙන් කෘත්‍රිම බුද්ධි පාලනය සහ එහි සංවර්ධනය පිළිබද අවධානය යොමුකරමින් මෙම සමුළුව ආරම්භ කර තිබෙනවා.

කෘත්‍රිම බුද්ධි පාලන ප්‍රමිතීන්, බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සහ කාර්මික භාවිතයන් සම්බන්ධයෙන් ෂැන්හයි සමුළුවේ දී අවධානය යොමුකර තිබෙනවා.

රටවල් සහ කලාප 30කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් 1,200කට අධික පිරිසක් මීට සහභාගි වී සිටිනවා.

විවිධ සාකච්ඡා වට කිහිපයක් මෙහිදි පැවැත්වෙනවා. 2025 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුවට සමගාමිව අතිනවීන නිෂ්පාදනවලින් සමන්විත තාක්ෂණික ප්‍රදර්ශනයක් ද පැවැත්වෙනවා.

වර්ග මීටර් 70,000කට වැඩි භූමි ප්‍රදේශයක් පුරා ප්‍රදර්ශනය පැවැත්වීම විශේෂත්වයක්.

ව්‍යවසායකයන් 800කට අධික පිරිසක් ඊට එක්ව සිටිනවා.

World News

Send your contact Details Today