නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැති Ms. Global International -2024 තරගයේ ජයග්‍රාහිකාව බවට පත්වූයේ ඇයයි. රටවල් විසිදෙකක් අබිබවා යමින් ලද ජයග්‍රහණය පන්නරයක් කරගනිමින් මෙවර පැවැත්වෙන Ms. Global International-2025 තරගයේ ජාතික අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන්නේ ද ඇයයි. එමෙන්ම ජාත්‍යන්තර මට්ටමේ රූපලාවණ්‍ය තරගාවලි දෙකක ජාතික අධ්‍යක්ෂවරිය ලෙස ද මේ වන විට ඇය කටයුතු කරන්නීය. වරුණී රණතුංග නමින් ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින ඇය පසුගියදා සුන්දර මනාලියක ලෙස සැරසී සිටියාය. ආදරණීය සැමියා ගයාන් රාමවික්‍රමගේ සුරතේ වෙළී සිටින ඇයගේ සුන්දර ඡායාරූප පෙළක් පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන අයුරු ඔබ මේ වන විටත් දැක ඇතුවාට සැකයක් නැත. ජාත්‍යන්තර මට්ටමේ රූ රැජනක් වන වරුණී මේ වන විට ජාත්‍යන්තරයට රූප සුන්දරියන් බිහි කිරීමේ කර්තව්‍යයේ නියැළී සිටීම ද විශේෂත්වයකි. සුන්දරත්වයෙන් සුන්දරත්වය මවන ඇය මනාලියක වූ සුන්දර මොහොත ගැන අප හා පැවසුවේ මෙවැන්නකි.
“ගයාන්ව මට මුලින්ම හමුවෙන්නේ අවුරුදු 16දී මාතර පැවැති නර්තන තරගාවලියකට සහභාගි වුණු අවස්ථාවේ. ඊට පස්සේ අපි නැවත හමුවෙන්නේ නර්තන රියැලිටි වැඩසටහනකදී. ඊටත් පස්සේ අපි ෆේස්බුක් එක හරහා අඳුනගෙන කතාබහ කරගෙන යද්දී ආදරවන්තයින් බවට පත්වුණා. ඔහු ජීවත් වෙන්නේ ඉතාලියේ. ගයාන් කියන්නේ හරිම ආදරණීය කෙනෙක්. ඔහු වගේ කෙනෙක් මගෙ ජීවිතේට හිමිවීම මගේ වාසනාවක් කියලයි මට හිතෙන්නේ.
ගයාන්ගෙයි මගෙයි දෙන්නගෙම ලොකුම ආසාව වුණේ වෙඩින් එක දවසට දානයක් දීලා විවාහ චාරිත්‍ර පන්සලක කරන්න. හිතුව විදිහටම අපි අපේ විවාහ චාරිත්‍ර මානෙල් වත්ත පන්සලේදී සිදුකළා. දොළොස් නමකට දානය පිරිනැමුවා. මගේ ජීවිතේ ලස්සනම දවස සුන්දර මතක සටහනක් බවට පත්කළේ ජායාරූප ශීල්පී රවිඳු ලක්ෂාන්. එදාම හවස අපේ හෝම් කමින් එක කිරිබත්ගොඩ සනාරා මන්දීර් උත්සව ශාලාවේදී පැවැත්වුණා. ඒ දිනයත් ශාන් අකලංකගේ කැමරාවේ ලස්සනට සටහන් වෙලා තිබුණා. ඒ මතකය අවදි කරමින් එදින සුන්දරත්වය නැවත නැවත දකින්න ඒ සිහිවටන අපට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. එදා ඒ අවස්ථාවට සහභාගි වෙලා අපිට සුබපැතුම් එක්කළ ආදරණීයයන් හැමෝටම මං බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
හරිම චාම් විදිහට පැවැත්වුණු අපේ මංගල උත්සවයට තීම් එකක් තිබුණෙ නැහැ. තීම් එකකට කොටු කරලා එන පිරිසේ නිදහස සීමා කරන්න මට ඕන වුණේ නැහැ. තමන්ට පහසු ඇඳුමකින් සැරසිලා ඇවිත් විනෝදවෙලා යන එක විතරයි මට වැදගත් වුණේ. ඒ එන හැම කෙනාම මට විශේෂයි. ඒකයි මං එක තීම් එකකට යන්න හිතුවෙ නැත්තේ. අපි අපේ ලස්සනම දවස හරිම සැහැල්ලුවෙන් ලස්සනට ගෙවුවා කියලයි මට හිතෙන්නේ.“
තවත් බියුටි පැජන්ට් තරගයක් සඳහා කටයුතු සූදානම් කරගැනීමට ලබන මස ජපානය බලා යෑමට බලාපොරොත්තුවෙන් සිටින වරුණී ඉදිරියේදී ලංකාවේ පැවැත්වෙන Ms. Nature Queen පැජන්ට්හි ජාතික අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කරන්නීය. එමෙන්ම ලෝකයේ පිළිගත් රූපලාවණ්‍ය තරග ද්විත්වයක් වන Ms. Petite Global සහ Ms. Earth International තරගවල ජාතික අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන්නේ ද ඇයයි.