Latest News

අවදානම් සහිත ග්‍රාහකයක් සඳ මතට කඩා වැටීමේ අවදානමක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 YR4 නමින් හඳුන්වන අභ්‍යවකාශ පාෂාණය පිළිබඳ විද්‍යාඥයන් නැවත අවධානය යොමු කරමින් සිටිනවා.

පසුගිය වසරේ සොයා ගනු ලැබූ මෙම පාෂාණය 2032 වසරේ දෙසැම්බර් 22 වන විට පෘථිවියට කඩා වැටෙනු ඇති බවටයි මීට පෙර මත පළ කෙරුණේ.

පෙබරවාරි මාසය වනවිට එම බලපෑම 3.1% ක් දක්වා ඉහළ ගිය අතර එය මෙතෙක් නිරීක්ෂණය කරන ලද අවදානම්ම ග්‍රාහකය බවට පත්ව තිබුණා.

එහෙත් නව පරීක්ෂණ මගින් පෙනී ගොස් ඇත්තේ එය පෘථිවියට කඩා වැටීමේ අවදානමක් නොමැති බවයි.

නමුත් 2032 වසර අවසන් වනවිට එය සඳ මතට කඩා වැටෙනු ඇති බව විද්‍යාඥයන්ගේ නවතම අනාවැකිය වී තිබෙනවා.

NASA ආයතනය පවසන්නේ එවැනි බලපෑමක් සිදු වුවහොත් චන්ද්‍රයාගේ මතුපිටින් සියුම් ද්‍රව්‍ය පෘථිවියට ගලා ඒමට ඉඩ ඇති බවයි.

කෙසේවෙතත්, මෙම අභ්‍යවකාශ පාෂාණය මගින් පෘථිවියට සෘජුවම බලපෑමක් නොමැති හෙයින් ජනතාවට දැඩි අවදානමක් නොමැති බවයි නාසා ආයතනය පවසන්නේ

චන්ද්‍රයාට එල්ල වන මෙම ආකර්ශනීය බලපෑම මිනිසුන්ට ජීවිත කාලය තුළ දැකගැනීමට ලැබෙන විශේෂ අවස්ථාවක් බව ද විද්‍යාඥයන් සඳහන් කරනවා.

World News

Send your contact Details Today