ඉන්දියාව පදනම් කරගෙන ක්‍රියාත්මක වන අසභ්‍ය ජංගම දුරකථන යෙදුම් (MOBILE APP) 24ක් සඳහා ඉන්දීය මධ්‍යම රජය විසින් තහනමක් පනවා තිබෙනවා.
ඉන්දීය තොරතුරු තාක්ෂණ පනත යටතේ මධ්‍යම රජය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
එහිදී සියලුම අන්තර්ජාල සේවා සපයන්නන්ට මෙම අසභ්‍ය යෙදුම් තහනම් කරන ලෙස මධ්‍යම තොරතුරු හා විකාශන අමාත්‍යාංශය නියෝග කර ඇති බව එම වාර්තාවේ සඳහන්.
ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව මෙම පියවර ගැනීමට සඳහා හේතුපාදක වී ඇත්තේ, මෙම වේදිකා ඩිජිටල් අන්තර්ගතය පාලනය කරන ඉන්දියානු නීති “බරපතල ලෙස උල්ලංඝනය කරන” බව හෙළිදරව් වීමෙන් අනතුරුවයි.
ඒ අනුව, මෙම තහනම ඵලදායීව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා, MIB විසින් විදුලි සංදේශ දෙපාර්තමේන්තුව (DoT) සමඟ සම්බන්ධීකරණය කර ඇති අතර, මෙම වෙබ් අඩවි සහ යෙදුම් සඳහා ඉන්දීය භූමිය තුළ ප්‍රවේශය සම්පූර්ණයෙන් සීමා කිරීම සඳහා අන්තර්ජාල සේවා සපයන්නන් සමඟ සහයෝගීතාව පහසු කිරීම සඳහා DoT හි අධ්‍යක්ෂවරයා (DS-II) වෙත විධිමත් ඉල්ලීමක් යවා ඇති බව ද එම වාර්තාවේ සඳහන්.