Latest News

කාන්තාවන්ගේ ඔපස්වීම ගැන නවතම අධ්‍යනයකින් හෙළි වූ දේ

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආර්ථවහරණ හෝමෝන ප්‍රතිකාර (menopausal hormone therapy -MHT) නැවැත්වීමෙන් පසු වසර කිහිපයක් තුළ කාන්තාවන්ගේ අස්ථි බිඳීමේ අවදානම වැඩි කරන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ ආර්ථවහරණය අවුරුදු 51 දී පමණ නතරවීමෙන් රාත්‍රී දහඩිය දැමීම සහ මනෝභාවය වෙනස්වීම වැනි දුර්වල කිරීමේ රෝග ලක්ෂණ මතුවන බවයි වෛද්‍යවරුන් පෙන්වාදෙන්නේ.

ඒ හේතුවෙන් හෝමෝන අඩුවීම සිදුවන අතර එමගින් හෘද රෝග සහ ඔස්ටියෝපොරෝසිස් අවදානමද ඉහළ නංවනු ඇති.

නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝන් ඊඩන් පවසන්නේ බොහෝ කාන්තාවන්ට වසරකට අස්ථි ස්කන්ධයෙන් සියයට 1 හෝ 4 ක් අහිමි විය හැකි අතර එය අවසානයේ උකුල් ඇටය බිඳීමට ද හේතුවිය හැකි බවයි.

මෙම බලපෑම අවම කිරීම සඳහා ආර්ථවහරණ හෝමෝන ප්‍රතිකාර බොහෝ විට නියම කරනු ලැබෙනවා.

කෙසේවෙතත් නව පර්යේෂණවලින් පෙනීයන්නේ එම ප්‍රතිකාරය නවතා වසර 3 කට පසු බොහෝ කාන්තාවන්ගේ අස්ථි බිඳීමේ අවදානම වැඩිවන බවයි.

මෙය මෙම ප්‍රතිකාරය නොකළ කාන්තාවන්ට සාපේක්ෂව සැලකිය යුතු ලෙස වැඩිවීමක් බව වෛද්‍යවරුන් පෙන්වාදෙනවා.

මේ අතර මෙම හෝමෝන ප්‍රතිකාරය මගින් පියයුරු පිළිකා ඇති නොවන නමුත් පියයුරු පිළිකා සහිත කාන්තාවකට මෙම හෝමෝනය ගැනීමෙන් පසු එහි රෝග ලක්ෂණ ඉක්මනින් පෙන්නුම්කරන බවයි වෛද්‍යවරුන් කියාසිටියේ.

World News

Send your contact Details Today