යොවුන් සමාජ මාධ්‍ය ගිණුම්වල ආරක්ෂාව තවදුරටත් වැඩිදියුණු කිරීම වෙනුවෙන් Meta විසින් තවත් පියවරක් ගෙන තිබෙනවා.
ඒ අනුව අනාරක්ෂිත හෝ අනවශ්‍ය සම්බන්ධතා වලින් යෞවනයන් ආරක්ෂා කිරීම, ඔවුන් පණිවිඩ යවන ගිණුම් පිළිබඳ වැඩි විස්තර ලබා දීමට සහ වංචාකරුවන් හඳුනා ගැනීමට හැකිවනු ඇති.
එහිදී එම අනාරක්ෂිත ගිණුම් block සහ report කිරීමට හැකි වන පරිදි විකල්ප හඳුන්වාදී ඇති අතර ඔවුන් Instagram වෙත සම්බන්ධ වූ මාසය සහ වර්ෂය ද පෙන්නුම් කරනවා.
ඒ සියල්ල new chats හි ඉහළින්ම කැපී පෙනෙන ලෙස ප්‍රදර්ශනය කර තිබීමෙන් පහසුවෙන් අනවශ්‍ය පුද්ගලයින් block සහ report කිරීමට හැකිවීම මෙහි විශේෂත්වයක් වනවා.
පසුගිය මාසයේදී පමණක් එවැනි ගිණුම් මිලියනයක් block කර ඇති අතර තවත් මිලියනයක් පමණ එවැනි සිද්ධීන් report කර තිබෙනවා.
එමෙන්ම මෙටා විසින් nudity protection විශේෂාංගය ගෝලීය වශයෙන් දියත් කළ දා සිට, යෞවනයන් ඇතුළුව 99% ක් දෙනා එය ක්‍රියාත්මක කර ඇති අතර, ජුනි මාසයේදී, එවැනි සිදුවීම් සියයට 40 ක් පමණ වාර්තා වී ඇති බව සඳහන්.
