තවත් රටවල් 40 කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා.
මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
අද (25) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වූ “Hotel Show Colombo 2025” ප්‍රදර්ශනයය එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
මිට පෙර රටවල් හතක සංචාරකයින් සඳහා වීසා ගාස්තු අය කිරීමෙන් තොරව මෙරටට පැමිණීමට අවස්ථාව ලබා දී තිබුණා.
“ලෝකයේ රටවල් හතලිස් හතකට අපි වීසා ගාස්තුවක් නොමැතිව ලංකාවට පැමිණෙන්න අවස්ථාව ලබාදෙනවා. මේ තීන්දුව ගන්න කොට ඩොලර් මිලියන 66ක වාර්ෂික ආදායමක් මහා භාණ්ඩාගාරයට අහිමි වෙනවා. සෘජුව අපිට ඒ මුදල අහිමි වුණත් අපි බලාපොරොත්තු වෙනවා සංචාරක කර්මාන්තයේ දියුණුව තුළින් වක්‍රකාරව ඊට වඩා වැඩි ආදායමක් රටට ගන්න.”
ඒ අනුව අදාළ රටවල් 40 ඉදිරියේ දී ගැසට් නිවේදනයක් හරහා කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් සඳහන් කර සිටියා.