සීනි සදහා විකල්පයක් ලෙස භාවිතා කරනු ලබන Erythritol හේතුවෙන් මොළයේ ආරක්ෂාවට හානි සිදුවිය හැකි බව නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
Erythritol සීනි මෙන් 70% ක් පමණ පැණි රස වන අතර එහි අඩංගු කැලරි ප්‍රමාණය ඉතා අඩු මට්ටමක් බවයි සඳහන් වන්නේ.
රුධිරයේ සීනි සහ කැලරි කෙරෙහි එහි අවම බලපෑම නිසා, Erythritol බොහෝ විට සීනි සඳහා සෞඛ්‍ය සම්පන්න විකල්පයක් ලෙස සලකනු ලැබුව ද මෑත කාලීන පර්යේෂණ වලින් එහි අවදානම් පැතිකඩක් පෙන්වා දී තිබෙනවා.
මෙම නවතම පර්යේෂණය, කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයක් වන අතර පර්යේෂකයන් විසින් මොළයේ සෛල කිහිපයක් Erythritol සහිත සිසිල් බීම පානය කිරීමෙන් පසු දක්නට ලැබෙන ආකාරය නිරීක්ෂණය කර තිබෙනවා.
පසුව මොළය රුධිර කැටි ගැසීම් වලට ගොදුරු වීමේ අවදානම වැඩි කළ හැකි සෛල හානි දාම ප්‍රතික්‍රියාවක් එහිදී සිදු වූ බවයි පර්යේෂකයන් කියා සිටියේ.
Erythritol අඩංගු ආහාර වෙළදපලේ බහුලවම දක්නට ලැබෙන අතර ඒවා පරිබෝජනය සීමා කිරීම සුදුසු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.