Latest News

සංඥා බාධාවක් ගැන Starlink වෙත චෝදනාවක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බටහිර ඕස්ට්‍රේලියාවේ ඉදිකෙරෙමින් පවතින ලොව විශාලතම රේඩියෝ දුරේක්ෂයට ස්ටාලින්ක් අන්තර්ජාල සේවාවෙන් බාධා එල්ල වනු ඇති බවට නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

The Square Kilometre Array Observatory (SKAO), විශ්වයේ අසමසම දර්ශනයක් ලබාදීම අරමුණින් ජාත්‍යන්තර ව්‍යාපෘතියක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ.

මේ හරහා විද්‍යාඥයින්ට අභ්‍යවකාශය පිළිබඳ වසර බිලියන ගණනක ගවේෂණයක් කිරීමට හැකියාව ලැබෙනවා.

කර්ටින් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි පර්යේෂක ඩිලන් ග්‍රිග්, චන්ද්‍රිකා සංඥා රේඩියෝ තාරකා විද්‍යාවට බාධා කරන ආකාරය පිළිබඳ කළ නිරීක්ෂණයක් සිදු කෙරුණා.

එහිදී අනාවරණය වූයේ පෘථිවියේ පහළ කක්ෂගතව ඇති දහස් ගණනක් ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා වලින් පිටවන රේඩියෝ ශබ්දය දැනටමත් සංඥා වලට බාධා කරමින් සිටින බවයි.

අභ්‍යවකාශයේ මිනිසා විසින් සාදන ලද වස්තූන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, පසුගිය වසරේ වාර්තාගත චන්ද්‍රිකා සංඛ්‍යාවක් දියත් කර ඇතැයි විද්‍යාඥයින්ගේ සංගමය පෙන්වාදෙනවා.

World News

Send your contact Details Today