ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ සැප්තැම්බර් මස සිදුකිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයේ තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව මෙම තරගාවලිය විස්සයි20 තරග 3කින් සහ එක්දින තරග 3කින් සමන්විත බවයි නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කළේ.
තරගාවලිය ආරම්භ කරමින් පළමුව විස්සයි20 තරගාවලිය පැවැත්වෙනවා.
එහි පළමු තරගය 2026 වසරේ සැප්තැම්බර් 15 වනදා සවුත්හැම්ප්ටන් හිදී පැවැත්වීමට නියමිතයි.
සෙසු විස්සයි20 තරග දෙක සැප්තැම්බර් 17 හා 19 දිනවල කාඩිෆ් හා මැන්චෙස්ටර්හිදී පැවැත්වෙනවා.
එමෙන්ම එක්දින තරගාවලිය සැප්තැම්බර් 22, 24 හා 27 දිනවල පිළිවෙළින් ඩර්හැම්, ලීඩ්ස් හා ලන්ඩන් හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
අදාළ තරග කාලසටහන පහතින්…
