Latest News

ජාත්‍යන්තර හොරෙක්, ලංකාවට ඇතුළුවීමට තැත් කරද්දී අල්ලයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සයිබර් මූල්‍ය වංචා ජාලයකට සම්බන්ධ යැයි සැක කෙරෙන චීන ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර මෙම 28 හැවිරිදි චීන ජාතිකයා ඊයේ (23) පස්වරුවේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 315 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

පරිගණක උපාංග විශාල ප්‍රමාණයක් ද රැගෙන පැමිණි මොහු පිළිබද ඇති වූ සැකය මත ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රශ්ණ කිරීම්වලදී , ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ හා සම්බන්ධ ප්‍රකට ව්‍යාපාරිකයෙකු හමුවීමට තමා පැමිණි බවයි ඔහු පවසා ඇත්තේ.

සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්ණ කිරීමේදී ජාත්‍යන්තර සයිබර් මූල්‍ය වංචා ජාලයක සුළමුළ අනාවරණය වීමත් සමඟ ඔහුව අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර චීන ජාතිකයා අද (24) දින ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today