අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණයක් විසින් Apple සමාගමේ පාරිභෝගිකයින් පිරිසක් ඉදිරිපත් කළ නඩුවක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එම පාරිභෝගිකයින් කියා සිටියේ iCloud+ දත්ත ගබඩා සැලසුම්වලට (iCloud+ storage plans) වැඩි මුදලක් ගෙවූ විට ඔවුන්ට පොරොන්දු වූ ප්‍රමාණයට වඩා අඩු දත්ත ගබඩා ඉඩක් (data storage) Apple සමාගමෙන් ලැබුණු බවයි.
සැන් ෆ්‍රැන්සිස්කෝ හි 9 වැනි එක්සත් ජනපද පරිපථ අභියාචනාධිකරණය (9th U.S. Circuit Court of Appeals in San Francisco) තීරණය කළේ, Apple සමාගම ලබා දෙන දත්ත ගබඩා ධාරිතාව සම්බන්ධයෙන් සාධාරණ පාරිභෝගිකයෙකු නොමඟ නොයන බවයි.
නඩුව ගොනු කළ ලීසා බෝඩන්බර්ග් නම් පාරිභෝගිකාව කියා සිටියේ, ඇය මසකට ඩොලර් 2.99ක් ගෙවා 200 GB දත්ත ගබඩා ඉඩක් මිලදී ගත් විට, එය දැනටමත් නොමිලේ ලැබෙන 5 GB ප්‍රමාණයට එකතු වී මුළු දත්ත ගබඩා ධාරිතාව 205 GB විය යුතු බවයි.
නමුත් ඇයට ලැබී ඇත්තේ 200 GBක සම්පූර්ණ දත්ත ගබඩා ඉඩක් පමණයි.
කෙසේ වෙතත්, විනිසුරු මිලාන් ස්මිත් ප්‍රකාශ කළේ, Apple සමාගම විසින් නොමිලේ ලැබෙන 5 GB ප්‍රමාණයට අමතරව ‘incremental’ හෝ ‘supplemental’ දත්ත ගබඩා ඉඩක් ලබා දුන් බවට පොරොන්දු වූ බැවින්, ඇයට “Apple පොරොන්දු වූ දේම ලැබුණු” බවයි.