Latest News

න්‍යෂ්ටික බලගැන්වීම් ගැන ඉරාන විදේශ අමාත්‍යවරයාගෙන් අකීකරු ප්‍රකාශයක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

න්‍යෂ්ටික බලගැන්වීම් අඛණ්ඩව සිදුකරන බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසනවා.

න්‍යෂ්ටික බලගැන්වීම් අඛණ්ඩව සිදුකෙරුණද තම න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ලෝක බලවතුන් සමඟ සාකච්ජා පැවැත්වීමට සූදානම් බවයි ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආරග්චි සඳහන් කරන්නේ.

Fox පුවත්සේවය සමග සම්මුඛ සාකච්ජාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

අමරිකා හා ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් තම න්‍යෂ්ටික මධ්‍යස්ථානයන්ට බරපතල හානි සිදුවූ බව පිළිගන්නා බවත් එබැවින් න්‍යෂ්ටික බලගැන්වීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බවත් ඔහු එහිදී තවදුරටත් පෙන්වා දුන්නා.

න්‍යෂ්ටික බලගැන්වීමේ කටයුතු තම රටේ ජාතික අභිමානයට හේතුවක් වන බැවින් එම වැඩපිළිවෙල කිසිලෙසකින් අත්හල නොහැකි බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

World News

Send your contact Details Today