Latest News

ශාක සහ සතුන්, මිනිස්සුන්ට හොරෙන් කරන දෙයක් ගැන තොරතුරු එළියට

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශාක, මිනිසුන්ට නොඇසෙන සතුන්ට පමණක් ඇසෙන ආකාරයෙන් ශබ්ද නිකුත් කරන බවත් එම ශබ්දවලට සතුන්ට ප්‍රතිචාර දැක්වීමට හැකි බවත් ඊශ්‍රායලයේ ටෙල්අවිව් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් පර්යේෂණයකින් අනාවරණය කර තිබෙනවා.

එම පර්යේෂණයට අනුව සළඹයන් වැනි සතුන්ට ශාකවලින් නිකුත් කරන ශබ්ද ඇසෙන බවත් ඔවුන් එම ශබ්දවලට ප්‍රතිචාර දක්වන බවත් හෙළි වී තිබෙනවා.

එලෙස අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිචාර දැක්වීම හරහා එම දෙපාර්ශ්වය අතර පියවි ඇසට නොපෙනෙන පරිසර පද්ධතියක් පවතින බවට ඉඟියක් ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වුවත් ශාක නිකුත් කරන ශබ්ද මිනිසාට නොඇසෙන අතර එම ශබ්ද ඇසෙන්නේ බොහෝ කෘමීන්ට, වවුලන්ට හා ඇතැම් ක්ෂීරපායි සතුන්ට බව සොයාගෙන තිබෙනවා.

ගැහැනු සළඹයන් ශබ්ද නිකුත් කරන තක්කාලි පැළ මත බිත්තර නොදමන අතර එයට හේතුව ලෙස විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ එසේ ශබ්ද නිකුත් කරන පැළ සෞඛ්‍යාරක්ෂිත හෝ නිරෝගී නොවන බව අවබෝධ කර ගැනීමයි.

මෙම පර්යේෂකයන් විසින් මීට පෙර සිදු කළ පර්යේෂණයකදී හෙළි කර තිබුණේ ශාක පීඩාවට පත්ව සිටින විටදී හෝ සෞඛ්‍යසම්පන්න නොවන ආකාරයේ හැඟීමක් ඇති වූ විටදී හඬන බවයි.

මෙලෙස ශාක, ශබ්ද නිකුත් කරන්නේ ඒවායේ ඇතිවන කායික වෙනස්කම් නිසා බවයි ඔවුන් සඳහන් කරන්නේ.

තමන්ට හැඟෙන ආකාරයට ශාක විසින් විවිධ ශබ්ද නිකුත් කරත් එම ශාක සංවේදී නොවන බවත් ශාකවලට යම් දෙයක් දැනීමට නොහැකි බව එම පර්යේෂ්ණයෙන් හෙළි වී තිබෙනවා.

කාලයක් තිස්සේ සතුන් හා ශාක එකිනෙකා සමග සහජීවනයෙන් කටයුතු කිරීම නිසා ශාකවලින් නිකුත් කරන ශබ්ද ඔවුන්ට අවබෝධ වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

World News

Send your contact Details Today