iPhone 17 series නිළ වශයෙන් දියත් කිරීමට මාස කිහිපයක් තිබියදී එහි වර්ණයන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා.
පෙර වසරවල මෙන් Apple විසින් නව වර්ණ තේරීමක් හඳුන්වාදීමටයි සූදානම් වන්නේ.
iPhone 17 series හි නිළ වශයෙන් දියත් කිරීමට අපේක්ෂා කෙරෙන්නේ සැප්තැම්බර් මාසයේ වන නමුත් Majin Bu සහ TechRadar වෙබ් අඩවිවලින් මේ බව ඉඟි පළකර තිබෙනවා.
ඒ අනුව සාමාන්‍ය පරිදි කළු, අළු, රිදී මෙන්ම තද නිල් සහ තඹ පැහැති තැඹිලි වර්ණයකින්ද මෙවර ඇපල් විචිත්‍රවත් වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර iPhone 17 පළමු මාදිලිය ඉන්දියාවේ 2025 සැප්තැම්බර් 11-13 අතර එළිදැක්වීමට අපේක්ෂා කෙරෙන අතර නිල එළිදැක්වීමෙන් පසු පෙර-ඇණවුම් වහාම ආරම්භ කළ හැකි බවයි සමාගම පවසන්නේ.
iPhone 17 අමතර වර්ණ විකල්ප හතරක් සමඟින් පැමිණෙන අතර ඒවා Steel Gray, Green, Purple, Light Blue, Black සහ White ලෙසයි දැක්වෙන්නේ.
iPhone 17 Air වල ඇති ලා නිල් පැහැය බොහෝ ආකර්ෂණීය වන අතර White, Black, Light Blue සහ Light Gold වර්ණයන්ගෙන්ද එය සමන්විත වනවා.
අලුත්ම තැඹිලි පැහැයකින් යුත් iPhone 17 Pro Gray, White, Black සහ Orange with Dark Blue පැහැයෙන්ද යුක්ත වනවා.
මේ අතර ඉන්දියාවට පැමිණෙන විට iPhone 17 මිල ආසන්න වශයෙන් ඉන්දීය රුපියල් 79,999 ක් වනු ඇතැයි මත පළවන අතර iPhone 17 Air රුපියල් 89,999 කට පමණ දියත් කළ හැකි බවයි පැවසෙන්නේ.
Pro Max මිල රුපියල් 1,64,900 ක් වනු ඇතැයි අපේක්ෂා කරන නමුත් ඇපල් නිල වශයෙන් මිල නිවේදනය කරන තෙක් මිල ගණන් ස්ථිර නොවන බවද වාර්තා වනවා.