Bahamas හී Nassau Open MRI මධ්‍යස්ථානයකදී MRI පරීක්ෂණයක් අතරතුර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 61ක් වූ කීත් මැක්ඇලිස්ටර් නම් පුද්ගලයෙක්.
සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ පරීක්ෂණයට පෙර ඔහු පැළඳ සිටි ලෝහ මාලය MRI යන්ත්‍රයට ප්රචණ්ඩ ලෙස ඇදී යාමෙන් බරපතල තුවාල සිදු වී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිද MRI මධ්‍යස්ථානයේ තාක්ෂණවේදියා වෙත චෝදනා එල්ල කර සිටියා.
ඇය පවසන්නේ පරීක්ෂණ කාමරයට ඇතුලු වීමේදී සැමියා පැළඳ සිටි මාලය හොදින් පෙණෙන ලෙස තිබුණ ද තාක්ෂණවේදියා විසින් එය ඉවත් කරන ලෙස දැනුම්වත් නොකළ බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, තාක්ෂණවේදියාගේ වගකීම් පිළිබඳවද නීතිමය මට්ටමින් පරීක්ෂා කෙරන බවයි වාර්තා වන්නේ.