Latest News

වියට්නාමයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක බෝට්ටු අනතුරක් – 34 දෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වියට්නාමයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන හැලොන්ග් බොක්කෙහි නෞකාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 34 දෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇති අතර තවත් මගීන් අතුරුදන්ව තිබෙනවා.

පවතින අධික කුණාටු තත්වයෙන් නෞකාව පෙරළී ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන් වූ මගීන් සහ කාර්ය මණ්ඩලය සෙවීමේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති අතර සිද්ධියෙන් 11 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට ඔවුන්ට හැකිව තිබෙනවා.

වියට්නාම වාර්තා පවසන්නේ නෞකාවේ සංචාරකයින් 48 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 53 දෙනෙකු ගමන් කර ඇති බවයි.

කෙසේවෙතත් මිය ගිය සංචාරකයින්ගේ ජාතිකත්වය තවමත් තහවුරු කර නැහැ.

නාවික හමුදාව, දේශසීමා ආරක්ෂකයින්, පොලිසිය සහ වරාය බලධාරීන් විසින් බෝට්ටු 27 ක් සහ ගලවා ගැනීමේ යාත්‍රා දෙකක් යොදාගනිමින් මෙහෙයුම් දියත්කර තිබුණා.

Wonder Sea ලෙස හැඳින්වෙන මෙම නෞකාවේ දරුවන් 20 කට වැඩි පිරිසක් සිට ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today