Latest News

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් අනතුරකට ලක්වෙයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් මුම්බායි හි ගෝල්ඩන් ටුබැකෝ චිත්‍රාගාරයේ ‘King’ චිත්‍රපටයේ ක්‍රියාදාම දර්ශනයක් රූගත කරමින් සිටියදී අනතුරකට ලක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරින් ඔහුගේ මාංශ පේශි ආබාධයකට ලක්ව ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඉදිරි මාස කිහිපයේ ෂාරුක් ඛාන් විවේකීයව සිටිනු ඇති බවත්, සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසවල යළි රූගත කිරීම් සඳහා යොමු වනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මේ සමගම, ජූලි සිට අගෝස්තු දක්වා ‘King’ චිත්‍රපටයේ රූගත කිරීම සඳහා වෙන්කරවා ගත් ඇතැම් ස්ථාන නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති බව ද වාර්තා වෙනවා.

ෂාරුක් ප්‍රධාන චරිතයට පණ පොවන ‘King’ චිත්‍රපටිය ලබන වසරේ තිරගත වීමට නියමිත අතර ඊට සුපුරි නළු නිලියන් විශාල පිරිසක් රංගනයෙන් දායක වනවා.

‘King’ චිත්‍රපටයේ රූගත කිරීම් ඉන්දියාවේ සහ යුරෝපයේ සිදු කිරීමට නියමිත බවටයි වාර්තා වෙන්නේ.

World News

Send your contact Details Today