එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රටවල් 52 ක සංචාරකයින්ට සිය රටේ රියදුරු බලපත්‍රය භාවිත කරමින් එරට රිය පැදවීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
ඒ අනුව එම රටවල පදිංචිකරුවන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලපත්‍රයක් සඳහා සිය බලපත්‍රය හුවමාරු කර ගත හැකි වනු ඇති.
ඒ සඳහා රියදුරු පරීක්ෂණ අවශ්‍ය නොවන අතර පදිංචි රට අනුව කොන්දේසි අදාළ වනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන් නොවන අයට හෝ සංචාරකයින්ට ඔවුන්ගේ රැඳී සිටින කාලය තුළ ඔවුන්ගේ ජාතික රියදුරු බලපත්‍ර භාවිතා කරමින් රිය පැදවිය හැකියි.
වලංගු විදේශීය රියදුරු බලපත්‍රයක් ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට න්‍යාය හෝ මාර්ග පරීක්ෂණ අවශ්‍යතාවයකින් තොරව, නිශ්චිත අවශ්‍යතා සපුරාලීමෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රියදුරු බලපත්‍රයක් සඳහා ඔවුන්ගේ ජාතික බලපත්‍ර හුවමාරු කර ගැනීමට ඔවුන්ට අවසර ලබාදෙනු ඇති.
මෙම විකල්ප දෙකම අදාළ වන වාහන කාණ්ඩ වන්නේ යතුරුපැදි සහ සැහැල්ලු වාහන වන අතර ඒවාද රට අනුව වෙනස් වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අදාළ රටවල් අතර අන්‍යෝන්‍ය ගිවිසුම් හෝ අවබෝධතා ගිවිසුම් (MoU) හරහා සක්‍රීය කිරීමට ද නියමිතයි.
එම රටවල් 52 අතර ඔස්ට්‍රේලියාව, චීනය, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ජපානය, ජර්මනිය, ඉතාලිය, කැනඩාව ඇතුළු තවත් රටවල් ගණනාවක් ඇතුළත් වනවා.