ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම මිල අධිකම ජර්සිය පැළඳීමට බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රිකට් තරු සූදානමින් සිටිනවා.
ඒ අනුව 2025 ලෝක ශූරතා ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ දී ඔවුන් මෙම ජර්සිය පැළඳ ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
බටහිර ඉන්දීය කොදෙව් ශූරයන් සඳහාම නිර්මාණය කරන ලද මෙම ජර්සිය කැරට් 18 රන්වලින් සරසා තිබීම විශේෂත්වයක්.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අතිශය සුඛෝපභෝගී සන්නාමයක් වන ‘ලොරෙන්ස්’ සමඟ හවුල්කාරිත්වයෙන් මෙම ජර්සිය නිර්මාණය කර ඇති බව සඳහන්.
දෙවරක් විස්සයි විස්ස ලෝක කුසලානය දිනූ කොදෙව් ශූරයන්ගේ උරුමය සහ පැවැත්මට ගෞරව කිරීම සඳහා කොදෙව් ක්‍රිකට් තරු තරගාවලියේ දී මෙම විශේෂ රන් ආලේපිත ජර්සිය පළඳිනු ඇති.
මේ අතර 2025 ලෝක ශූරතා ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් හයකගේ සහභාගීත්වයෙන් ඊයේ (18) ආරම්භ වුණා.
එංගලන්තයේ බර්මින්හැම් හිදී ආරම්භ වූ මෙම තරගාවලියේ පළමු තරගය පැවැත් වුණේ පකිස්තාන් චැම්පියන්ස් සහ එංගලන්ත චැම්පියන්ස් කණ්ඩායම් අතරයි.
පාකිස්ථානය සහ එංගලන්තයට අමතරව බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව මෙවර තරගාවලිය වෙනුවෙන් එක්ව සිටිනවා.