Latest News

ශ්‍රී ලාංකිකයින් රැගත් බස් රථයක් ඊශ්‍රායලයේ දී ගිනි ගනී

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලයේ කිර්යාත් මලාකි ප්‍රදේශයට ආසන්නයේ සේවා කටයුතු සඳහා ගමන් කරමින් සිටි ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිරත ශ්‍රී ලාංකික තරුණයින් පිරිසක් රැගත් බස් රථයක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

බස් රථය ගිනි ගැනීමට ලක්වන අවස්ථාවේ දී එහි ශ්‍රී ලාංකික තරුණයින් 20 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ.

රථය ගිනි ගැනීමේ දී එහි දොර ක්‍රියා විරහිතවීම හේතුවෙන් එහි සිටි පිරිස ජනෙල් කඩා එයින් පිටතට පැමිණ ඇති බවයි ඊශ්‍රායාලයේ ශ්‍රී ලංකා තානාතිපති නිමල් බණ්ඩාර සඳහන් කළේ.

එම අවස්ථාවේ එක් තරුණයෙක් තුවාල ලබා ඇති අතර, ඔහුව රෝහල් ගතකර තිබෙනවා.

රෝහල් ගතකළ එම ශ්‍රී ලාංකික තරුණයාගේ තත්ත්වය බරපතළ නොවන බවයි තානාතිපතිවරයා පැවසුවේ.

සේවා කටයුතු සඳහා ගමන් කරමින් සිටි මෙම ශ්‍රී ලාංකික තරුණයින් පිරිස ඊයේ (18) උදෑසන මෙම අනතුර මුහුණ පා තිබෙනවා.

ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති බවයි වාර්තා වුණේ.

World News

Send your contact Details Today