Latest News

දකුණු සිරියාවේ ගැටුම්වලින් අහිමි වුණ මිනිස් ජීවිත ගණන ගැන අනාවරණයක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු සිරියාවේ ගැටුම්වලින් 600 දෙනෙකු මිය ගොස් ඇති බව නිරීක්ෂණ කණ්ඩායම් පවසා තිබෙනවා.

බෙඩොයින් සහ ඩෲස් ප්‍රජාව අතර ඇති වු ආරවුලක් හේතුවෙන් සිරියාවේ මෙම ගැටුම් හට ගැනුණා.

ගැටුම් අතරතුර ඩෲස් ආගමික සුළුතරයින් සාමාජිකයන් 300 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ.

සටන්කරුවන් 146 දෙනෙකු, සිවිල් වැසියන් 154 දෙනෙකු ද ගැටුම් අතරතුර මිය ගොස් තිබෙනවා.

මිය ගිය අයගෙන් 83 දෙනෙකු රජයේ හමුදා විසින් ඝාතනය කරන ලද බවටයි අදාළ නිරීක්ෂණ කණ්ඩායම පවසා ඇත්තේ.

මිය ගිය අය අතර රජයේ නිලධාරීන් 257 දෙනෙකු ද සිටින බව සඳහන්.

World News

Send your contact Details Today