Latest News

ළමුන්ගේ Lunchbox තුළ ඕනෑවට වඩා නොදැමිය යුතු දේවල් ගැන දැනුම්දීමක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ළමුන්ගේ Lunchboxes තුළ ඕනෑවට වඩා චිප්ස්, බිස්කට් සහ සැකසූ කෙටි ආහාර වලින් පිරී තිබෙන බව අනාවරණය වී තිබෙනවා.

ඒ ඩීකින් විශ්ව විද්‍යාලය විසින් සිදු කරන ලද මෙම අධ්‍යයනයට අනුවයි.

ඔවුන් ප්‍රාථමික පාසල් සිසුන් 682 දෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡා සිදු කරනු ලැබුවා.

එහිදී සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 8 ත් 12 ත් අතර ළමුන් ඔවුන්ගේ දෛනික කැලරි ප්‍රමාණයෙන් සියයට 47 ක් පමණ ලබාගන්නේ චිප්ස්, බිස්කට් සහ සොසේජස් රෝල් වැනි සැකසූ ආහාර බවයි.

ඒවායේ වර්ණකාරක, රසකාරක වැනි ශරීරයට අහිතකර ද්‍රව්‍යයන් අඩංගු බවයි භෞතික ක්‍රියාකාරකම් සහ පෝෂණ ආයතනයේ ආචාර්ය කාර්ලි ග්‍රීම්ස් පවසන්නේ.

අවුරුදු 10 ක තරම් කුඩා දරුවන් තුළ සැකසූ ආහාර අධික ලෙස පරිභෝජනය කිරීම මගින් ශරීර ස්කන්ධ දර්ශකය (BMI) වැඩි වීම දිගුකාලීන සෞඛ්‍ය බලපෑම්වලට ලක්වනු ඇති බව පර්යේෂකයින් කියා සිටියා.

මෙම අධ්‍යයනයේදී ළමයින් පැය 24 පුරාම ගත් ආහාර පිළිබඳ සැලකිලිමත් වූ අතර විශේෂඥයින් පෙන්වාදෙන්නේ මෙම නරක ආහාර රටාව මගින් දරුවන් නිදන්ගත රෝගා බාධවලට ගොදුරු විය හැකි බවයි.

World News

Send your contact Details Today