Latest News

පාකිස්තානයට බලපා ඇති මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් එක් දිනක් තුළ අසාමාන්‍ය මරණ ගණනක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානයට බලපා ඇති මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් එක් දිනක් තුළ පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් මරණ සංඛ්‍යාව 159 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ, පසුගිය මාසය තුළ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර ඇති වී, නිවාස හා දේපොළ හානි දැඩි ව සිදු ව ඇති බවයි.

පාකිස්තානයේ පන්ජාබ් පළාතට අයහපත් කාලගුණික තත්ත්වය පසුගිය පැය 24 තුළ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බව ද වාර්තා වනවා.

මෙම අයහපත් කාලගුණයෙන් තවත් පුද්ගලයින් 300ක් පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

නැගෙනහිර පළාත් අගනුවර වන ලාහෝර්හි මරණ 15ක්, ෆයිසලාබාද්හි මරණ 09ක් සහ ඔකාරා, සහිවාල් සහ පක්පට්ටන් යන ගොවි බිම් කේන්ද්‍ර වූ නගරවල තවත් මරණ කිහිපයක් වාර්තා වුණා.

දකුණු දෙසින් පිහිටි ගංගා ඉවුරු දිගේ ගම්මානවලින් පවුල් ඉවත් කිරීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් බෝට්ටු භාවිතා කළ නමුත් දහවල් වන විට ජලය බැස යාමට පටන් ගෙන තිබූ බවයි පැවසෙන්නේ.

World News

Send your contact Details Today