වයස අවුරුදු 09ක පාසල් සිසුවියක් හෘදයාබාධයක් වැළඳී මිය ගිය පුවතක් ඉන්දියාවේ සිකාර් දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.
අදාළ දැරිය දිවා ආහාරය සඳහා කෑම පෙට්ටිය විවෘත කරන අතරතුර ක්ලාන්තය වී බිම ඇඳ වැටී තිබෙනවා.
එහිදී දැරිය හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් සිට ඇති අතර පසුව ඇය සිහිසුන් වී තිබෙන බව සඳහන්.
ඒ අනුව පාසල් කාර්ය මණ්ඩලය විසින් ඇයව වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ඇය මිය ගොස් ඇති බවයි එරට පොලීසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් රෝහලේ වෛද්‍යවරු පැවසුවේ අදාළ දැරියට හෘදයාබාධයක් වැළඳී ඇති බවයි.
දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය තවමත් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.
