Latest News

බල්ලෙකුගේ දිවි බේරා ගැනීමට ගිය පුද්ගලයෙකුට තම දිවිය අහිමිවෙයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අයාලේ යන බල්ලෙකුගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළ 16 හැවිරිදි දරුවෙකු, තම ස්කූටරය සමඟ කාණුවකට වැටී අනතුරකින් ජීවිතක්ෂයට පත් වීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

භිලායි නගරයේ, සෙරීමික් කොලනි ප්‍රදේශයේ වාසය කරන ”රවුනක්” නමැති තරුණයා, ඊයේ (16) රාත්‍රියේ වටරවුම් හැඩයට තම ස්කූටරය පදවමින් සිටියදී, මාර්ගය මැද සිටින බල්ලෙකු දැක බල්ලාට වම් පැත්තෙන් යාමට උත්සාහ කර තිබෙනවා.

ඒ මොහොතේ දී බල්ලා පසුපසට පැන ඔහුගේ ස්කූටරයේ ගැටී ඇති අතර, තරුණයාගේ සමබරතාවය නැතිවීමෙන් ස්කූටරය කාණුවකට ඇද වැටී තිබෙනවා.

ඇද වැටුණු පසු ඔහුට දැඩි ලෙස තුවාල වී තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

පුද්ගලයෙකු කානුවකට වැටී ඇති බව දුටූ මාර්ගයෙන් ගමන් කළ වෙනත් යතුරුපැදිකරුන් තිදෙනෙකු ඇතුළු පිරිසක් මැදිහත්ව, ඔහුව රෝහලට රැගෙන ගෝස් තිබෙනවා.

රෝහලට රැගෙන යන විටත් ඔහු මිය ගොස් ඇති බව වෛද්‍යවරුන් විසින් තහවුරුකර තිබෙන බවයි සඳහන් වන්නේ.

මෙම සිදුවීමෙන් පසුව ප්‍රදේශවාසීන් අතර දැඩි අවුලක් ඇති වී තිබෙන අතර, නිලධාරීන් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

World News

Send your contact Details Today