Latest News

2028 ඔලිම්පික් කාලසටහන එළි දක්වයි – නිල ආරම්භයට දින දෙකකට පෙර අලුත් ක්‍රීඩාවක් ඇරඹේ

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමට හරියටම වසර තුනක් තිබියදී, LA28 සංවිධායකයින් විසින් සඳුදා (ජූලි 14) දින එහි කාලසටහන එළිදක්වනු ලැබුවා.

ඒ අනුව, ක්‍රිකට් ක්‍රීඩාව 2028 ජූලි 12 සිට 29 දක්වා පැවැත්වීමට නියමිත අතර, එය ක්‍රීඩා උළෙලේ නිල ආරම්භයට දින දෙකකට පෙරයි.

පදක්කම් සඳහා වන තරග ජූලි 19 සහ ජූලි 29 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල නිල වශයෙන් 2028 ජූලි 14 සිට 30 දක්වා පැවැත්වීමට නියමිත වුවද, ක්‍රිකට් සහ තවත් ක්‍රීඩා කිහිපයක් දින දෙකකට පෙර ආරම්භ වනු ඇති.

මෙම ඉක්මන් ආරම්භක දින, එනම් ජූලි 12 සහ ජූලි 13, සංවිධායකයින් විසින් පිළිවෙළින් ‘මයින්ස් 2’ (Minus 2) සහ ‘මයින්ස් 1’ (Minus 1) ලෙස හඳුන්වනු ලබනවා.

පළමු තරග වටය ජූලි 12 සිට 18 දක්වා පැවැත්වෙන අතර, එහි පදක්කම් තරග ජූලි 19 වන දින ක්‍රීඩා කෙරෙනවා.

දෙවන තරග වටය ජූලි 22 සිට 28 දක්වා පැවැත්වෙන අතර, එය ජූලි 29 වන දින පැවැත්වෙන අවසන් මහා තරගයෙන් නිමාවට පත් වනු ඇති.

ක්‍රීඩා උළෙල ඊට පසු දින අවසන් වනවා.

LA28 සංවිධායකයින් විසින් තරග පැවැත්වෙන අනුපිළිවෙල මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති නමුත්, බොහෝ විට පිරිමි තරගාවලියෙන් පසුව කාන්තා තරගාවලිය පැවැත්වෙනු ඇතැයි අනුමාන කෙරෙනවා.

එමෙන්ම පිරිමි සහ කාන්තා තරගාවලි දෙකම සඳහා කණ්ඩායම් හය බැගින් සහභාගී වන බව LA28 විසින් තහවුරු කර තිබෙනවා.

තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය ලොස් ඇන්ජලීස් නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 48ක් පමණ දුරින් පිහිටි පොමෝනා හි ෆෙයාග්‍රවුන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයයි.

සංවිධායකයින් මෙය ක්‍රිකට් ක්‍රීඩාව ඉස්මතු කිරීම සඳහා විශේෂයෙන්ම ඉදි කරන ලද ඉහළම මට්ටමේ ව්‍යුහයක් ලෙස හඳුන්වනවා.

මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සිය වාර්ෂික සමුළුව ජූලි 17 සිට 20 දක්වා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත අතර, එහිදී මෙම සිව්වාර්ෂික ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රියාවලිය පිළිබඳව තීරණය කරනු ඇති.

බොහෝ දුරට ඉඩ ඇති පරිදි, කණ්ඩායම් හඳුනා ගැනීම ICC ශ්‍රේණිගත කිරීම් පදනම් කරගෙන තීරණය වනු ඇති.

එනමුත්, ඇතැම් ආශ්‍රිත රටවල් ද සම්බන්ධ කර ගනිමින් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් හරහා කණ්ඩායම් තෝරා ගත යුතු බවට ද යෝජනා පවතිනවා.

කෙසේ වෙතත්, කාර්යබහුල අනාගත තරග කාලසටහන (FTP) සැලකිල්ලට ගෙන, සුදුසුකම් ලැබීමේ තරගාවලියක් පැවැත්වීමේ යෝජනාව ICC විසින් සලකා බැලීමට ඉඩක් නැහැ.

World News

Send your contact Details Today