කැනඩාවේ වැන්කුවර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසලදී කුඩා සෙස්නා 172 ගුවන් යානයක් පැහැරගෙන පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව රාජකීය කැනේඩියානු කඳුකර පොලිසිය (RCMP) ප්‍රකාශ කරනවා.
යානය වැන්කුවර් වෙත ගොඩබස්වා සැකකරුව අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
අත්අඩංගුවට ගැනීමට පෙර, වැන්කුවර් දූපත් ප්‍රදේශයෙන් යානයක් පැහැරගෙන ගොස්, වැන්කුවර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසල ගුවන් අවකාශයට ගුවන් යානය ඇතුළු වන බවට වාර්තා ලැබුණු බවට පොලීසිය පවසා තිබෙනවා.
වැන්කුවර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ බලධාරීන් විදෙස් මාධ්‍යවලට පැවසුවේ, සිද්ධිය අතරතුර ගුවන් තොටුපොළට පැමිණෙන ගුවන් යානා කිහිපයක් වෙනත් මාර්ගයකට හරවා යවා ඇති අතර, කෙටි කාලයක් ගුවන් තොටුපොළේ මෙහෙයුම් නවතා දමා ඇති බවයි.
පොලිසීය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.