ඉන්දියානු අභ්‍යවකාශ ඉතිහාසය රන් අකුරින් ලියූ ශුභාන්ෂු ශුක්ලා හා ඇක්සියම් 4 කාර්‍යය මණ්ඩලය යළිත් පෘතුවියට පැමිණීමට ගමන් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ශුක්ලා ඇතුළු පිරිස රැගත් ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය පැය 22ක ගුවන් ගමනක නිරත වන බවයි හින්දුස්තාන් වෙබ් අඩවිය වාර්තා කළේ.
මෙම අභ්‍යවකාශගත වූ කාර්‍යය මණ්ඩලයට ඉන්දීය ගගනගාමියා හැරුණුකොට පෝලන්තයේ ස්ලාවොස් උස්නාන්ස්කි- විෂ්නියෙව්ස්කි, හංගේරියානු ටිබෝර් කපු සහ ඇමරිකා එක්සත් ජනපදයේ පෙගී විට්සන් ඇතුළත්.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) දින 18 ක් රැඳී සිටීමෙන් පසු, ඉන්දියානු ගගනගාමියෙකු වන ශුභාන්ෂු ශුක්ලා සහ Axiom-4 අභ්‍යවකාශ මෙහෙයුමේ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනා අද (14) ජාත්‍යන්තර වේලාවෙන් සවස 4.50 ට පමණ පෘථිවියට ආපසු ගමන ආරම්භ කළා.
මෙම ක්‍රියාවලියේ කිසිදු දෝෂයක් වාර්තා වී නැති බවත් පැවසෙනවා.
අභ්‍යවකාශ යානය Ax-4 කාර්ය මණ්ඩලය සමඟ කිලෝග්‍රෑම් 250කට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආපසු ගෙන එනු ඇති.
ඒ අතර උපකරණ සහ අත්හදා බැලීම් දුසිම් ගණනක සාම්පල ඇතුළත් බව එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වැඩිදුරටත් නිවේදනය කළා.