තලපති එක්දහස් නවසිය අනූඑක ( 1991) වසරේ දෙමළ භාෂාවෙන් තිරගත වූ චිත්‍රපටයකි. ඉන්දියානු සිනමාවේ අතිදක්ෂ අධ්‍යක්ෂවරයකු වන මනිරත්නම් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය ජී. වෙන්කටේෂ්වරන් විසින් නිෂ්පාදනය කරන ලදී. මෙහි මුල් චිත්‍රපටයේ සුප්‍රකට නළු රජිනිකාන්ත් සහ මම්මුටි, අරවින්ද් ස්වාමි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර ජයශංකර්, අම්රිෂ් පූරි, ශ්‍රීවිද්‍යා, භානුප්‍රියා, ශෝබනා සහ ගීතා සහාය චරිත සඳහා රංගනයෙන් දායක වේ.
ඉලයරාජා, චිත්‍රපටයේ සංගීතය සහ ශබ්ද පටය රචනා කරන ලද අතර පද රචනය කරන ලද්දේ එවක කවියකු වන වාලි විසිනි. කැමරාකරණය සන්තෝෂ් සිවන් විසින් සිදු කරන ලද අතර සුරේෂ් උරස් එය සංස්කරණය කරන ලදි. එහි රූගත කිරීම් බොහොමයක් කර්ණාටක ප්‍රාන්තයේත් ඒ අවටත් සිදු කරන ලදි. මෙම චිත්‍රපටය එක්දහස් නවසිය අනූඑකේ ( 1991 ) නොවැම්බර් මස 05 වැනි දින දීපවාලී දිනයේදී නිකුත් කරන ලද අතර වාණිජමය වශයෙන් අතිසාර්ථක විය. එපමණක් නොව විශිෂ්ටතම සිනමා කෘතියකට ලැබිය හැකි ෆිල්ම් ෆෙයාර් සම්මාන දෙකක් දකුණ: හොඳම අධ්‍යක්ෂ – දෙමළ (රත්නම්) සහ හොඳම සංගීත අධ්‍යක්ෂ – දෙමළ (ඉලයරාජා), සහ සිනමා එක්ස්ප්‍රස් සම්මාන දෙකක්: හොඳම නළුවා – දෙමළ (රාජිනිකාන්ත්) සහ හොඳම චරිත නිළිය (ශ්‍රීවිද්‍යා) ඇතුළු සම්මාන රාශියක් දිනා ගැනීමට ද සමත් විය. පසු කලෙක දෙදහස් තුන ( 2003 ) වසරේ දී එය කණ්ණඩ භාෂාවෙන් අන්නාව්රු ලෙස ප්‍රතිනිර්මාණය කරන ලදී.
කාලයෙන් කාලයට සංස්කරණය වෙමින් තලපති නැවත නැවතත් සිනමාවට පිවිසියේය. ඉන් අවසන් වරට දෙදහස් විසිතුනේ ( 2023 ) වර්ෂයේ දී එහි ප්‍රධාන නළු රජිනි කාන්ත්ගේ හැත්තෑහතර ( 74 ) වැනි ජන්ම දිනය වෙනුවෙන් දෙසැම්බර් 13 මුල් පිටපතෙන් සංරක්ෂණය කර නවමු මුහුණුවරකින් යළි නිකුත් කරන ලදි. පුරා වසර තිස්තුනක් ( 33 ) ක් ඉකුත් වී තිබුණද මනිරත්නම්ගේ ‘තලපති’ හි පෙර තිබූ ඒ චිත්තවේගීය බලපෑම නොවෙනස්ව පැවති බව ඉන්දීය විචාරකයෝ පවසති.
අධික මිලක් වැයකොට නිෂ්පාදනය කරන ලද මෙම ඉන්දියානු සිනමා චිත්‍රපටය ‘තලපති‘ ඒ හා සමානම මිල අධිකම චිත්‍රපට ගොන්නට ශ්‍රේණිගත කර ඇත. එමෙන්ම මෙතෙක් නිෂ්පාදනය කළ මිල අධිකම ඉංග්‍රීසි නොවන මාධ්‍යයක චිත්‍රපටයක් වන්නේ ද මෙම චිත්‍රපටයයි. එමෙන්ම දෙදහස් විසිහතර ( 2024 ) වසරේ වැඩිම ආදායමක් උපයාගත් දෙමළ චිත්‍රපටය සේම ඉන්දියානු සිනමාව තුළ සිවුවැනි වැඩිම ආදායමක් ඉපයූ ඉවන්නේ ද මෙම චිත්‍රපටයයි. එමෙන්ම මේ සියලු කාලයේ පස්වැන්නට වැඩිම ආදායමක් උපයාගත් දෙමළ චිත්‍රපටය ලෙස ද, විදේශයන්හි පස්වන වැඩිම ආදායමක් උපයාගත් දෙමළ චිත්‍රපටය ලෙස ද, තමිල්නාඩුවේ තුන්වන වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය ලෙස ද ” තලපති” හැදින්වේ. දෙදහස් විසිතුන ( 2023 ) වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ රූපගත කිරීම් ආරම්භ කළ මෙම චිත්‍රපටය පුරා මාස අටක කාලයක් එනම් දෙදහස් විසිහතර ( 2024 ) ජූනි මස දක්වා සිදු කෙරිණි. චෙන්නායි, තායිලන්තය, හයිද්‍රාබාද්, ශ්‍රී ලංකාව, පොන්ඩිචෙරි, තිරුවානන්තපුරම්, රුසියාව සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක එහි රූපගත කිරීම් සිදු කෙරිණි. මෙම චිත්‍රපටයේ සංගීතය යුවන් ශංකර් රාජා විසින් රචනා කරන ලද අතර, කැමරාකරණය සිද්ධාර්ථ නූනි විසින් සහ සංස්කරණය වෙන්කට් රාජන් විසින් සිදු කරන ලදි. මෙහි සූර්යයාගේ චරිතයට පණපොවන්නේ මෑත කාලීන දමිළ සිනමාවේ අග්‍රගණ්‍ය නළුවෙකු හා වාණිජමය වශයෙන් සාර්ථක නළුවකු ලෙස ස්ථාපිත වී නම් දරා හිදින විජේයි. ඔහු තම සිනමා දිවිය තුළ මධ්‍යස්ථ සාර්ථකත්වයක් අත්කර ගත් කාලපරිච්ඡේදයකින් පසුව, 2010 දශකයේ මුල් භාගයේ සිට තුප්පක්කි (2012), කත්ති (2014), මර්සල් (2017), සර්කාර් (2018), මාස්ටර් (2021), මෘගයා (2022), ලියෝ (2023) සහ ඔහුගේ අවසාන චිත්‍රපටය වන ද ග්‍රේටස්ට් ඔෆ් ඕල් ටයිම් (2024) ඇතුළු විවේචනාත්මක හා වාණිජමය වශයෙන් සාර්ථක චිත්‍රපට කිහිපයකම රඟපෑවේය. ඔහු ‘ තලපති’ හි සූර්යයාගේ චරිතයෙන් ප්‍රේක්ෂකයා අතරට එයි. වසර ගණනාවක් පුරා සංස්කරණය වෙමින් ප්‍රේක්ෂකයා අතරට පැමිණි ‘ තලපති’ සිනමා පටයෙන් ‘අහිමි වූ මවක් සඳහා ආශා කරන සහ අපරාධ ජීවිතයකට බලහත්කාරයෙන් ඇද දමනු ලබන‘ චරිතයක් නිරූපණය කරයි. විජේගේ රංගනයේ උච්චතම අවස්ථාව මෙහිදී කාගේත් පැසසුමට ලක්විය.
මහා භාරතයේ සමකාලීන අනුවර්තනයක් වූ තලපති චිත්‍රපටයෙහි අවධානය සූර්යයා නිසා එය වීර කාව්‍යයේ ස්වාභාවයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් මඟක් ගනී. මුඩුක්කු නිවාසවල හැදී වැඩුණු නිර්භීත මිනිසකු වන සූර්යා දුප්පතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරයි. කෙසේ වෙතත්, ඔහු දේවා සමඟ මිතුරු වන අතර, ඔහු ඔහුව තම අණ දෙන නිලධාරියා ලෙස බඳවා ගෙන ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි. මෙම සිනමා පටය ඒ වටා ගෙතෙයි. චිත්‍රපටය තුළ අපරාධ ක්‍රියා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා උලුප්පා නොපෙන්වයි. එසේ වී නමුදු ඉන් මුදල් සහ අසීමිත බලය ලබා ගැනීම සඳහා මුඩුක්කුවලින් නැගී සිටින ඛේදජනක වූ චරිතයක් මතු කරමින් කතාව විස්තර කරයි. අධ්‍යක්ෂවරයා සඳහන් කරන ආකාරයට මෙහි ප්‍රධාන චරිතයට සූර්යයා යන නම යොදා ඇත්තේ මහා භාරතයේ කර්ණ සූර්ය දෙවියන්ගේ පුත්‍රයාට සමානව, සූර්යයා සමඟ චරිතයේ සම්බන්ධතාව අවධාරණය කිරීම සඳහායි.
කෙසේ වෙතත් ‘තලපති’ යනු විජේගේ සිය සිනමා දිවිය තුළ විශේෂිත සැමරුමක් වූයේ එය ඔහු රඟපෑ 68 වෙනි චිත්‍රපටය සේම ඔහුගේ රංගන දිවියට සමුදුන් චිත්‍රපටය ද ‘ තලපති’වීම නිසාය.