Latest News

ආරවුලක් දුරදිග යාමෙන් සැමියා, බිරිඳගේ නාසය කා දමයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බිරිඳ සහ සැමියා අතර ඇති වූ ආරවුලකින් පසු සැමියා විසින් බිරිඳගේ නාසය සපා කෑ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

කර්ණාටක ප්‍රාන්තයේ දවනගේරේ ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක දී සැමියා මෙලෙස බිරිඳගේ නාසය සපා කා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

විද්‍යා නම් කාන්තාව ඇගේ සැමියා වන විජේ ඇපකරුවෙකු ලෙස තබා ණය මුදලක් ලබාගෙන තිබෙනවා.

එහි වාරික ගෙවීමට ඇය අපොහොසත් වී ඇති අතර, ණය හිමියා විසින් දෙදෙනාට හිරිහැර කිරීමට පටන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මොවුන් දෙදෙනා අතර නිතර නිතර ආරවුල හටගෙන ඇති අතර, දෙදෙනා අතර පසුගිය අඟහරුවාදා ද ආරවුලක් හටගෙන තිබෙනවා.

එහිදී සැමියා විසින් බිරිඳගේ නාසයේ කෙළවර සපා කා ඇති අතර, එහිදී බරපතළ තුවාල ලැබූ කාන්තාව චන්නගිරි රජයේ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

නාසය අහිමි වූ බිරිඳ මේ වනවිට සුවය ලබමින් සිටින අතර, ඇය විසින් සැමියාට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

World News

Send your contact Details Today