එක්සත් රාජධානියේ චෙවෙනිං ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් භාර ගැනීම ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ශිෂ්‍යත්ව වැඩසටහන ගැන උනන්දුවක් දක්වන සිසුන්ට තම අයදුම්පත් සකස් කිරීම ආරම්භ කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.
Facebook හි සටහනක් තබමින්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ අගෝස්තු 5 සිට ඔක්තෝබර් 07 දක්වා අයදුම්පත් භාර ගන්නා බවයි.
චෙවෙනිං ශිෂ්‍යත්ව වැඩසටහන ඕනෑම එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලයක ඕනෑම ශාස්ත්‍රපති පාඨමාලාවක් හැදෑරීම සඳහා පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව පිරිනමනවා.
වැඩි විස්තර සඳහා : https://www.chevening.org/resource-hub/guidance/are-you-ready/ වෙත පිවිසෙන්න.