ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාළමක් කඩාවැටීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙය වසර 40ක් පැරණි පාළමක් බවයි වාර්තා වන්නේ.
පාළමෙහි කොටසක් කඩා වැටීමත් සමඟ ට්‍රක් රථ දෙකක්, මෝටර් රථයක් ඇතුළු වාහන 4ක් ගඟට වැටී තිබෙනවා.
මෙම අනතුරින් 5 දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමටයි කටයුතු කෙරුණේ.
තවත් පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.