Latest News

ඉන්දීය හෙදියකට, යේමනයේ දී මරණ දඬුවම

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය ජාතික කාන්තාවක් වන නිමෂා ප්‍රියා හට යේමන අධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම චූදිත තැනැත්තිය වෘත්තියෙන් හෙද නිලධාරිණියක් බවයි.

කෙසේවෙතත් ඇය ව ජූලි මස 16 වැනි දා මරණ දණ්ඩනයට ලක් කිරීමට නියමිතව තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ 2018 වර්ෂයේ දී මෙම තැනැන්තිය විසින් ඝාතනයක් සිදු කරනු ලැබීමත් ඊට වරදකරු බවට තීන්දු කිරීමයි.

ඇය රටින් පලා යාමට උත්සාහ කෙරුණ ද ඇය ව යේමනයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම ඉන්දීය ජාතික හෙද නිලධාරිණිය ඝාතනය කර ඇත්තේ යේමන් ජාතිකයෙකු බවත් වාර්තා වනවා.

ඇයට මරණ දඬුවම ලබා දිය යුතු බවට යේමන් ජනාධිපතිවරයා ස්ථිර කර ඇති බවත් පැවසෙනවා.

කෙසේවෙතත් මෙම සිදුවීම ඉන්දීය රජය දැඩි ලෙස අවධානය යොමු කළ කාරණයක් බවත් වාර්තා වනවා.

World News

Send your contact Details Today