Latest News

පින්බර ඇසළ පුර පසොළොස්වක පොහෝ දිනය අදයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බෞද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන රැසක් සනිටුහන් කරන පින්බර ඇසළ පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

ලෝ සතුන් සසරින් එතෙර කිරීමේ ඒකායන අරමුණින් සිදුහත් කුමරුන් අභිනිෂ්ක්‍රමණය කිරීම සිදුවූයේ අද වැනි ඇසළ පුන් පොහෝ දිනකයි.

එමෙන්ම සිදුහත් කුමරු මව් කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමරුගේ උපත සිදුවීම මෙන්ම පස්වග මහණුන්ට දම්සක් පැවතුම් සූත්‍ර දේශණාව සිදුකිරීමද අද වැනි පුන් පොහෝ දිනක සිදු වුණා.

මාතෘ දිව්‍ය රාජයා ඇතුලු දෙව් පිරිසට අභිධර්මය දේශනා කිරීම, තීර්ථකයන්ගේ මානය බිඳ දැමීම සඳහා යමා මහ පෙළහර පෑම ද අද වැනි දිනක සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ.

ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමේ කටයුතු ඇරඹීම මෙන්ම භික්ෂූන් වහන්සේලා පෙහෙවත් සමාදන් වීම සහ ලක්දිව සාමණේර හිමිවරුන්ට උපසම්පදාව ලබාදීමද ඇසළ පුන් පොහෝ දිනක සිදු වුණා.

මේ අතර වෙහෙර විහාරස්ථානවල වැඩවසන භික්ෂූන් වහන්සේ වස්විසීම ආරම්භ කරනු ලබන්නේ ද ඇසළ පුරපසළොස්වක පොහොය දිනයේදීයී.

World News

Send your contact Details Today