Latest News

ප්‍රංශයේ දෙවන විශාලතම නගරය ඇවිලෙයි – ප්‍රදේශයේ පවුල් 400ක් පමණ නිවෙස්වලින් ඉවත් කරයි (VIDEO)

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රංශයේ දෙවන විශාලතම නගරය වන මාර්සෙයිල්හි ලැව් ගින්නක් ඇතිව තිබෙනවා.

මේ හේතුවෙන් පුද්ගලයින් 100කට අධික පිරිසක් සුළු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

තුවාල ලැබූවන් අතර, ගිනිනිවන භටයින් නව දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 22 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 110 දෙනෙකු සිටින බව වාර්තා වනවා.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බෲනෝ රිටේලියෝ පවසා ඇත්තේ, ගින්න පාලනය සඳහා ගිනි නිවන භටයින් 800ක් පමණ එම ස්ථානයේ සිටින බවයි.

ලැව්ගින්න පැතිරීමත් සමඟ එම ප්‍රදේශයේ පවුල් 400ක් පමණ ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර තිබෙන බව ද එරට මාධ්‍ය වාර්තා කළා.

එක්සත් රාජධානියේ රාජ්‍ය සංචාරයක නිරත වූ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සඳහන් කර ඇත්තේ, එම ප්‍රදේශයේ ජීවත්වන නිවැසියන්ට ආරක්ෂක උපදෙස් පිළිපඳින ලෙසත් ගින්න පාලනයට අවශ්‍ය ගිනිනිවන භටයින් තවදුරටත් යොදවන ලෙසයි.

World News

Send your contact Details Today