Latest News

ගාසා හි වෛද්‍ය මධ්‍යස්ථානයේ තත්ත්වය භයානක අතකට – හේතුව මෙන්න

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායල අවහිර කිරීම හේතුවෙන් ගාසා තීරයේ ඉන්ධන අර්බුදය තීරණාත්මක අවස්ථාවකට ළඟා වී ඇති බවත්, වටලනු ලැබූ පලස්තීන භූමියේ තවදුරටත් මරණ සහ දුක්ඛිත තත්ත්වයන් ඇතිවන බවත් එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලය වන OCHA අනතුරු අඟවා තිබෙනවා.

ගාසා තීරය ජල ලවණ ඉවත් කිරීමේ මධ්‍යස්ථාන සහ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇතුළු ඉන්ධන බලගැන්වීමේ අත්‍යවශ්‍ය කාර්යයන් ඉක්මනින් අවසන් වෙමින් පවතින බවත් අමතර ප්‍රවේශ විය හැකි තොග කිසිවක් පාහේ ඉතිරිව නොමැති බවත් OCHA පවසනවා.

පසුගිය සති කිහිපය තුළ, ඊශ්‍රායල ප්‍රහාරයෙන් ආධාර පතන්නන් සිය ගණනක් වෙඩි තබා ඝාතනය කරන ලද ස්ථානවලට එක්සත් ජනපදයේ සහාය ලත් කණ්ඩායමක් හරහා ගාසා තීරයට ආහාර බෙදා හැරීමට එය ඉඩ දී තිබෙනවා.

නමුත් මාස කිහිපයකින් ඉන්ධන එම ප්‍රදේශයට ඇතුළු වී නැහැ.

ගාසා තීරයේ ඉන්ධන හිඟය පිළිබඳව ලෝක ආහාර වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන කාල් ස්කවු ද සිය අදහස් පළ කළා.

“අවශ්‍යතා කවරදාටත් වඩා වැඩියි, ඒ වගේම ප්‍රතිචාර දැක්වීමේ අපගේ ධාරිතාව කිසිදා මෙතරම් සීමා වී නැහැ. සාගතය පැතිරෙමින් පවතින අතර, ආහාර සොයා ගැනීමට උත්සාහ කරමින් මිනිසුන් මිය යමින් සිටිනවා” ලෙසයි ස්කෝ සමාජ මාධ්‍ය සටහනක සඳහන් කර ඇත්තේ.

“ගාසාහි අපගේ කණ්ඩායම් ආධාර ලබාදීමට උපරිම උත්සාහයක් දරන අතර බොහෝවිට ගැටුම්වලට මුහුණ දෙති. ඉන්ධන, අමතර කොටස් සහ අත්‍යවශ්‍ය සන්නිවේදන උපකරණ හිඟයකින් අපි පීඩා විඳිමින් සිටිමු.” ලෙස සඳහන් කරමින් ගාසා නගරයේ අල්-ෂිෆා රෝහලේ අධ්‍යක්ෂ මුහම්මද් අබු සල්මියා පැවසුවේ ඉන්ධන සැපයුම් නොමැතිකම හේතුවෙන් වෛද්‍ය මධ්‍යස්ථානයේ තත්ත්වය භයානක බවයි.

World News

Send your contact Details Today