Latest News

රෆේල් ජෙට් යානා ගැන ප්‍රංශ බුද්ධි සේවයෙන් විශේෂ අනාවරණයක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මැයි මාසයේදී ඉන්දියාව සහ පකිස්ථානය අතර යුද ගැටුමෙන් පසු ප්‍රංශයේ නිෂ්පාදිත රෆේල් ජෙට් යානාවල ක්‍රියාකාරිත්වය පිළිබඳව සැක පතුරුවා හැරීම සඳහා චීනය තම තානාපති කාර්යාල යෙදවූ බව ප්‍රංශ හමුදා සහ බුද්ධි නිලධාරීන් පවසනවා.

එය ප්‍රංශයේ ප්‍රමුඛ ප්‍රහාරක යානයේ කීර්ති නාමය සහ අලෙවිය අඩපණ කිරීමේ බීජිං උත්සාහයක් ලෙසයි සැලකෙන්නේ.

ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රංශ බුද්ධි සේවා උපුටා දක්වමින් වාර්තා කළේ, චීනයේ විදේශ තානාපති කාර්යාලවල ආරක්ෂක උපදේශකවරු රෆේල් අලෙවිය අඩපණ කිරීමට, දැනටමත් ඇණවුම් කර ඇති රටවල් “විශේෂයෙන් ඉන්දුනීසියාව” වැඩිපුර මිලදී නොගන්නා ලෙසත්, අනෙකුත් විභව ගැනුම්කරුවන් චීන නිෂ්පාදිත ගුවන් යානා තෝරා ගැනීමට දිරිමත් කිරීමට උත්සාහ කළ බවයි.

නිලධාරියා සහ බුද්ධි සේවය හෙළි නොකිරීමේ කොන්දේසියක් මත ප්‍රංශ හමුදා නිලධාරියෙකු විසින් මෙම සොයාගැනීම් AP වෙත ලබා දී තිබෙනවා.

මැයි මාසයේ දී දින හතරක් පැවති ඉන්දු-පකිස්ථාන ගැටුම්, න්‍යෂ්ටික සන්නද්ධ අසල්වැසියන් දෙදෙනා අතර වසර ගණනාවක් තුළ ඇති වූ බරපතළම ගැටුම වූ අතර, දෙපාර්ශ්වයේම ගුවන් යානා ඊට සම්බන්ධ වුණා.

World News

Send your contact Details Today