ශ්‍රී ලංකාවේ චෙම්මනී සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු කොටස් රැසක් සොයා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ජනප්‍රිය ඉන්දීය නළු සත්‍යරාජ් ඉල්ලීමක් කර තිබෙනවා.
මෙම කාරණය ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ගෙන යා යුතු බවට සත්‍යරාජ් පැවසූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
චෙම්මනී සමූහ මිනීවළෙන් ළමුන් ද ඇතුළුව පුද්ගලයින් කිහිප දෙනෙකුගේ අස්ථි කොටස් සොයාගෙන ඇති බවට පළ වූ වාර්තා දැකීමෙන් තමන් කණගාටුවට පත්වූ බව සත්‍යරාජ් පවසා තිබෙනවා.
මේ වන විට එම සමූහ මිනීවළෙන් මිනිස් අස්ථි 30කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
සත්‍යරාජ්, දෙමළ, තෙළිඟු, හින්දි, මලයාලම් සහ කන්නඩ චිත්‍රපට මෙන්ම රූපවාහිනී නාට්‍යවල ද රංගනයෙන් දායක වනවා.
චිත්‍රපට 250කට අධික සංඛ්‍යාවක රඟපා ඇති ඔහු, දකුණු ෆිල්ම්ෆෙයාර් සම්මාන තුනකින් සහ තමිල්නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මාන තුනකින් පිදුම් ලබා තිබෙනවා.