Latest News

වසර 3800 ක් පැරණි අතුරුදන් වූ නගරයක් යළි මතුවෙයි (PHOTOS)

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ක්‍රිස්තු පූර්ව 1800 ත් 1500 ත් අතර කාලයකට අයත් පුරාණ, අතුරුදහන් වූ නගරයක් පේරු හි උතුරු බැරැන්කා පළාතෙන් පුරාවිද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබෙනවා.

පෙනිකෝ ලෙස නම් කර ඇති මෙම නගරයේ වෙරළ තීරයේ ජීවත් වන ප්‍රජාවන් සහ ඇන්ඩීස් කඳුකරයේ සහ ඇමසන් ද්‍රෝණියේ ජීවත් වන ප්‍රජාවන් අතර ප්‍රධාන සම්බන්ධතාවයක් පැවති බවටයි සැලකෙන්නේ.

වසර 5000 කට පෙර පේරු හි සුප් නිම්නයේ පිහිටි ඇමරිකාවේ පැරණිතම ශිෂ්ටාචාරය සිටි නගරය ලෙස සැලකෙන කැරල්හි නගරයට ආසන්නයේ මෙම පෙනිකෝ නගරය පිහිටා තිබීමද විශේෂත්වයක් වනවා.

වසර 8 ක දැවැන්ත පර්යේෂණයකින් පසු පුරාවිද්‍යාඥයින් විසින් මෙහි ඇති ගල් හා මැටි ගොඩනැගිලි ඇතුළු ව්‍යුහ 18 ක නටබුන් හඳුනාගෙන තිබෙනවා.

දිගු දුරක් ඇසෙන ශබ්දයක් නිකුත් කරන කවච හොරණෑව, ඇන්ඩියන් සමාජවල තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය: රැස්වීම් කැඳවීම සහ වැදගත් සිදුවීම් නිවේදනය කිරීම සහ සමාජ වැදගත්කමේ සංකේතයක් ලෙසයි සැලකෙන්නේ.

දෙවියන්ට කෘතඥතාවය පළකරන වැදගත් චාරිත්‍රානුකූල පූජාවන්, මිනිසුන්ගේ සහ සතුන්ගේ මැටි මූර්ති, පබළු මාල සහ කෞතුක වස්තුද මෙහි තිබී හමුවූ බවයි පුරාවිද්‍යාඥයින් පවසන්නේ.

කැරල් පුරාවිද්‍යා කලාපයේ අධ්‍යක්ෂවරයා සහ 1990 ගණන්වල පෙනිකෝ පිළිබඳ මෑත කාලීන පර්යේෂණ සහ කැරල් කැණීම් මෙහෙයවූ පුරාවිද්‍යාඥ ආචාර්ය රූත් ෂැඩි පැවසුවේ දේශගුණික විපර්යාසවලින් විනාශ වූ පසු කැරල් ශිෂ්ටාචාරයට සිදු වූ දේ තේරුම් ගැනීමට මෙම සොයා ගැනීම වැදගත් බවයි.

World News

Send your contact Details Today