Latest News

මුදල් වෙනුවෙන් අවුරුදු 06ක දැරියක් වැඩිහිටියෙකුට විවාහ කර දුන් පාපතර පියා

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වයස අවුරුදු 06ක ගැහැණු දරුවෙකු 45 හැවිරිදි පුද්ගලයෙකු සමග විවාහ කරදීමට තැත් කිරීමේ පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වනවා.

මෙම දැරියව ඇගේ පියා විසින් දැනටමත් භාර්යාවන් දෙදෙනෙකු සිටින පුද්ගලයෙකුට මුදල් සඳහා හුවමාරු කර ගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇති බව සඳහන්.

වැඩිහිටි පුරුෂයෙකු සහ කුඩා දැරියක් එකට සිටින ආකාරය දැක්වෙන ඡායාරූපය තලේබාන්වරුන් පවා භීතියට පත් කර ඇති අතර, ඔවුන් ඒ සඳහා මැදිහත්ව කටයුතු කර තිබෙනවා.

මෙම විවාහය හෙල්මන්ඩ් පළාතේ සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබූ අතර තලේබාන්වරු මැදිහත් වී ඊට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනාම අත්අඩංගුවට ගෙන තිබුණා.

කෙසේවෙතත් ඔවුන්ට එරෙහිව කිසිදු චෝදනාවක් ඉදිරිපත් කර නොමැති අතර දැරියට වයස අවුරුදු 9 ක් වන තෙක් නිවසේ රඳවා ගන්නැයි තලෙයිබාන්වරුන් බලකර ඇති බවයි වාර්තා වන්නේ.

2021 දී තලේබාන්වරු ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය තහනම් කිරීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ ළමා විවාහ සියයට 25 කින් ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය පසුගිය වසරේ වාර්තා කළා.

රට පුරා දරු ප්‍රසූතියේ සියයට 45 ක වැඩිවීමක් ද දක්නට ලැබෙන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙන්නේ.

World News

Send your contact Details Today