Latest News

ට්‍රම්ප්ගේ නව තීරු බදු, බ්‍රික්ස් සමුළුවේදී දැඩි විවේචනයට

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රසීලයේ රියෝදි ජනයිරෝ හි පැවති බ්‍රික්ස් සමුළුවේ දී අමෙරිකාවේ නව තීරු බදු දැඩි විවේචනයට ලක්කර තිබෙනවා.

බ්‍රසීල, රුසියා, ඉන්දියා ,චීන හා දකුණු අප්‍රිකා රාජ්‍ය නායකයින්ගේ ප්‍රධානත්වයෙන් පැවති බ්‍රික්ස් සමුළුවේ දී අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරු බදු මෙලෙස දැඩි විවේචනයට ලක්වුවා.

එමෙන්ම අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දිනයේ දී සඳහන් කළේ අමෙරිකා විරෝධි ප්‍රතිපත්ති දරන්නන්ට අමතර 10%ක තීරු බද්දක් පනවන බවයි.

එය ද සමුළුවේ දී දැඩිව විවේචනය කර තිබෙනවා.

ඊශ්‍රායලය හා ඇමෙරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ද සමුළුව අතරතුර දී දැඩි විවේචනයට ලක්වුණා.

ප්‍රධාන සාමාජික රටවල් පහට අමතරව ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දුනිසියාව, ඉරානය හා එක්සත් අරාබි එමිර් රාජ්‍යය බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකත්වය උසුලන අතර අමෙරිකාවේ ඒකාධිකාරී ආර්ථික ප්‍රතිපත්තීන්ට බ්‍රික්ස් සංවිධානය මේ වන විට අභියෝගයක් වී තිබෙනවා.

World News

Send your contact Details Today