Latest News

🏏 SL vs BAN: තීරණාත්මක අවසන් එක්දින තරගය අදයි – තණතීරුව ගැන සුවිශේෂී අනාවැකියක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශය අතර තීරණාත්මක තුන්වන එක්දින තරගය අද (08) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

ඒ අද පස්වරු 2.30ට දිවා රාත්‍රී තරගයක් ලෙසයි.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙපිළම එක තරගය බැගින් ජයගෙන සිටීම හේතුවෙන් තරගාවලියේ ශුරතාව හිමිකර ගැනිම සඳහා කණ්ඩායම් දෙකම අද තරගය සඳහා සිය උපරිමය ලබාදෙනු ඇති බවයි විචාරකයින් සඳහන් කළේ.

මේ අතර ඊයේ (07) පල්ලේකැලේ දී පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි සඳහන් කළේ දෙවන තරගය සඳහා ක්‍රීඩා කළ පිතිකරණ ලැයිස්තුවම අද තරගය සඳහාත් ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බවයි.

එමෙන්ම අද තරගය සඳහා හිමිවන තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් වනු ඇති බවයි තිළිණ කණ්ඩම්බි මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව පිතිකරුවන්ගේ පවතින අඩුපාඩු සකසාගෙන අද තරගය සඳහා අවතීරණ වන බවයි ඔහු පවසා සිටියේ.

World News

Send your contact Details Today