Latest News

නිරුවත් Deepfake Photo පිළිබඳව අනතුරු ඇඟවීමක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Nudify Apps පිළිබඳ ඔස්ට්‍රේලියාවේ පාසල්වලට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව eSafety ආයතනය පවසන්නේ පසුගිය මාස 18 තුළ deepfake රූප පිළිබඳ වාර්තා දෙගුණයකින් පමණ වැඩි වී ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ පාසල් තුළ මෙම apps භාවිතයෙන් සිදුවන deepfake සිදුවීම් වහාම බලධාරීන් වෙත වාර්තා කළ යුතු බවයි eSafety කොමසාරිස් ජූලි ඉන්මන් ග්‍රාන්ට් [Julie Inman Grant] පෙන්වා දෙන්නේ.

ඇය පසුගියදා අධ්‍යාපන අමාත්‍යවරුන්ට ලිපියක් යවමින් ඉල්ලා සිටියේ පාසල් තුළ නීතිමය වගකීම් පිළිපදින ලෙසයි.

අවුරුදු 18ට අඩු පිරිසගෙන් ලැබී ඇති deepfake වාර්තාවලින් 80%ක් පමණ දැරියන් සම්බන්ධ ඒවා බවයි ආයතනය පවසන්නේ.

මෙම AI apps භාවිතයෙන් පරිශීලකයින්ට ඉතා පහසුවෙන් රූප සහ වීඩියෝ හැසිරවීමට ඉඩ සැලසී තිබෙනවා.

එය ඕස්ට්‍රේලියාව පුරා පාසල් ප්‍රජාවන්ට බලපාන දැඩි අර්බුදයක් බවයි eSafety ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today