අමරිකාවට බලපෑ හදිසි වර්ෂාපතනය හේතුවෙන් හටගත් ගංවතුර නිසා මියගිය සංඛ්‍යාව 78 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
හදිසි ගංවතුරෙන් ටෙක්සාස් හි කෙර් ප්‍රාන්තයේ මියගිය 68 දෙනා අතර ළමයින් 28 දෙනෙකු ද සිටිනවා.
ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් පවසන්නේ අනෙකුත් ප්‍රාන්තවල ද තවත් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල පුද්ගලයින් 41 දෙනෙකු අතුරුදහන් ව සිටිනවා.
ගංඟා ඉවුරේ කඳවුරෙන් අතුරුදහන් වූ ගැහැණු ළමයින් 10 දෙනෙකු සහ එක් උපදේශකයෙකු සෙවීම දිගටම කරගෙන යන බවයි.