Latest News

ජැක්ලින්ගේ ඉල්ලීමක් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මුදල් විශුද්ධිකරණ නඩුවක් අවලංගු කරන ලෙස ඉල්ලා බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ගොනුකළ පෙත්සමක් දිල්ලි මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඇයට එරෙහිව පනවා තිබූ පැමිණිල්ල වෙනුවෙන් ඇය මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණා.

ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයෙකු මෙන්ම ව්‍යාපාරිකයකු වන චන්ද්‍රශේඛර් විසින් අයථා ලෙස උපයා ගත් බව කියන ධනය විශුද්ධිකරණය කිරීමට ජැකලින් සහාය දැක් වූ බව පවසමින් ඇයට එරෙහිව මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.

අදාළ විත්‍රපට ව්‍යාපාරිකයා විවිධ නිරූපිකාවන් සහ බොලිවුඩ් කීර්තිමත් චරිත වෙනුවෙන් රුපියල් කෝටි 20කට අධික මුදලක් විවිධ අයුරින් වියදම් කර ඇති බව සඳහන්.

එහෙත් කිහිප දෙනෙක් ඔහුගෙන් තෑගි ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබූ බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය මේ වනවිට ජැක්ලින්ගේ ඉන්දීය රුපියල් කෝටි 7.2ක් වටිනා වත්කම් සහ ස්ථාවර තැන්පතු අත්පත් කරගෙන ඇති බව සඳහන්.

ශ්‍රී ලාංකික නිළියක වන ජැකලින් ඉන්දියාවේ පදිංචිව සිටී. ඇය ප්‍රධාන වශයෙන් බොලිවුඩ් නිළියන ලෙස කටයුතු කරන අතර, රියැලිටි වැඩසටහන් මෙන්ම සංගීත වීඩියෝවල ද පෙනී සිට තිබෙනවා.

ජැකලින් ෆර්නැන්ඩස්, 2006 දී මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගත් අතර, එම වසරේ පැවැති මිස් යුනිවර්ස් තරගයට ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභගි වූවා.

World News

Send your contact Details Today