Latest News

සමාජ මාධ්‍ය වේදිකාවක් හරහා දාම ඝාතනයක් කළ පුද්ගලයෙකුට මරණ දඬුවම්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2017 දී පුද්ගලයින් නව දෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජපානය කටයුතු කර තිබෙනවා.

2022 න් පසුව ජපානය පළමු වරට මරණ දඩුවම ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙයයි.

“Twitter ඝාතකයා” ලෙස නම් කරන ලද ටකහිරෝ ෂිරයිෂි විසින් සිදු කරන ලද දාම මිනිස් ඝාතන රට කම්පනයට පත් කළා.

එවකට 30 හැවිරිදි ෂිරයිෂි, ඔහුගේ වින්දිතයින් (ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු 15 ත් 26 ත් අතර තරුණ කාන්තාවන්) තම මහල් නිවාසයට රැගෙන ගොස් ගෙල සිර කර ඝාතනය කිරීමෙන් පසුව මළ සිරුර කොටස්වලට වෙන් කර තිබෙනවා.

2017 ඔක්තෝම්බර් මාසයේදී, ටෝකියෝ, සමා නගරයේ දී පොලිසිය වින්දිතයින්ගෙන් එක් අයෙකු පිළිබඳව සොයමින් සිටියදී හමූ වූ ශරීර කොටස් ආශ්‍ර යෙන් කළ විමර්ශනයකින් අනතුරුව ඝාතකයා අත්අඩංගුවට ගත්තා.

සියදිවි නසාගැනීමේ අදහසින් සිටි වින්දිතයින් නව දෙනෙකු ඝාතනය කළ බවට සැකකරු පිළිගත් අතර, දැන් X ලෙස හඳුන්වන සමාජ මාධ්‍ය වේදිකාව වන Twitter හරහා ඔවුන් දැන හඳුනාගත් බවයි හෙළි කළේ.

මාධ්‍ය ආයතන විසින් “භීෂණ නිවහනක්” ලෙස නම් කරන ලද ඔහුගේ මහල් නිවාසයට නිලධාරීන් ගිය විට සිසිලන යන්ත්‍ර සහ මෙවලම් පෙට්ටිවල කැබලි කරන ලද සිරුරු නවයක් සොයාගත් බව ද සඳහන්.

නඩු පවරන්නන් ශිරයිෂිට මරණ දඬුවම ඉල්ලා සිටියද, ඔහුගේ නීතිඥයින් වින්දිතයින් මරා දැමීමට වින්දිතයන් අවසර ලබා දී ඇති බවයි කියා සිටියේ.

ඔවුන් ඔහුගේ මානසික තත්ත්වය තක්සේරු කරන ලෙසද ඉල්ලා සිටි අතර පසුව ශිරයිෂි වින්දිතයින්ගේ කැමැත්තෙන් තොරව ඔවුන් ඝාතනය කළ බවයි පවසා ඇත්තේ.

මෙම මිනීමැරුම් හේතුවෙන් Twitter විසින් එහි නීති සංශෝධනය කරන ලද අතර, පරිශීලකයින් “සියදිවි නසාගැනීම් හෝ ස්වයං හානියක් ප්‍රවර්ධනය කිරීම හෝ දිරිමත් කිරීම” නොකළ යුතු බවට නීති සංශෝධනය කර තිබෙනවා.

World News

Send your contact Details Today