ජපන් මංගා කලාකාරිනියක වන රියෝ ටාට්සුකි (Ryo Tatsuki), “නව බාබා වන්ගා” ලෙස හඳුන්වනු ලබනවා.
2025 ජූලි 5 වැනිදා ජපානයට විශාල සුනාමියක් එල්ල වන බව ඇය අනාවැකි පළ කර තිබෙනවා.
මෙම අනාවැකිය හේතුවෙන් ආසියානු සංචාරකයින් ගමන් අත්හිටුවීමත් සමඟ ජපානයට සංචාරක ගමනාන්ත වෙන් කිරීම් 83%කින් අඩුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
ටාට්සුකිගේ “The Future I Saw” මංගා කෘතිය හරහා පළ වූ මෙම අනාවැකිය, 2011 ටෝහුකු සුනාමිය පූර්ව අනාවරණය කළ බවට කියැවෙන නිසා බොහෝ දෙනාගේ විශ්වාසය දිනාගෙන තිබෙනවා.
ජපන් බලධාරීන්ගේ ප්‍රතිචාරය වන්නේ, මෙම අනාවැකිය සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක නොවන බව පවසමින්, සංචාරකයින් බියෙන් වැළකී සිටින ලෙසයි.
“ජපන් ජනතාව මෙවැනි බියකරු කතාවලට ගොදුරු වී විදේශගත වන්නේ නැහැ. සංචාරකයින් අපේ රටට පැමිණෙන්න,” යැයි මියාගි පළාත් ආණ්ඩුකාර යෝෂිහිරෝ මුරායි පවසා තිබුණා.
කෙසේවෙතත් මෙලෙස අනාගතය පිළිබඳ විවිධ අනාවැකි විශ්වාස කරන පිරිසක් මෙන්ම, ඒවා පදනම් විරහිත යැයි බැහැර කරන පිරිසකුත් සිටිනවා.
වර්තමාන යුද්ධමය තත්ත්වය ද මීට පෙර සඳහන් අනාවැකිවල කියැවී ඇති බව පැවසෙනවා.
මෙලෙස යුද ගිනි දිනෙන් දින ඇවිළෙද්දී, මනුෂ්‍ය වර්ගයා ලෝකයෙන් තුරන් වීමේ පෙරනිමිති දැනටමත් පහළ වී ඇති බව විශ්ලේෂකයින්ගේ මතයයි.
මේ අතර ඇය විසින් සිදු කළ පසුගිය අනාවැකි පහතින්…
-1995: කෝබෙ භූකම්පනය
– 2011: ටෝහුකු සුනාමිය
– 2020: COVID-19 වසංගතය