Latest News

ඉරාන ප්‍රහාරය ගැන එළියට ආ බුද්ධි වාර්තාව ගැන ධවල මන්දිරයෙන් ප්‍රතිචාර

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ කර නොමැති බවට හෙළි කළ බුද්ධි වාර්තාව ධවල මන්දිරය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ බුද්ධි වාර්තාව ජනාධිපති ට්‍රම්ප් අවමානයට පත් කිරීමට ගත් පැහැදිලි උත්සහයක් බවයි.

අමෙරිකානු ප්‍රහාරවලින් සිදුව ඇත්තේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මාස ගණනකින් පසුබෑමට ලක් කිරීම පමණක් බව අමෙරිකාවේ පෙන්ටගනයේ ආරක්ෂක බුද්ධි ඒජන්සිය සකස් කළ බුද්ධි වාර්තාවේ සඳහන්ව තිබුණා.

ප්‍රහාරයේ මූලික හානි තක්සේරුව පිළිබඳ තොරතුරු ඇතුළත් මෙම වාර්තාව විදෙස් මාධ්‍ය විසින් අනාවරණ කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා දැඩි කතාබහක් මතු වී තිබෙනවා.

World News

Send your contact Details Today